Colombo Today Local News

සරුංගලයක නූලක් බිලිදෙක් සහ මවකට මරු කැදවයි

කැඩී ගිය සරුංගලයක නූලක් පැටලී යතුරු පැදියක් පෙරලී යාමෙන් එකම පවුලේ මවක් සහ වයස අවුරුදු 01 හමාරක දරුවෙකු මිය යාමේ අවාසනාවන්ත පුවතක් බූස්ස පිටිවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම අනතුර ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පිටිවැල්ල නිපුණ නාවික හමුදා කඳවුර අසලදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ මිය ගිය කාන්තාවගේ සැමියා සහ හය හැවිරිදි පුත්‍රයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. කැඩී ගිය සරුංගලයේ නූල මාර්ගය හරහා වැටී තිබී ඇති අතර යතුරු පැදිකරු විසින් එය ඉවත් කිරීමට යාමේදී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ඉවතට පැන යතුරු පැදිය පෙරලීගොස් ඇත.

මියගිය කාන්තාව 34 හැවිරිදි වියේ පසු වූ අතර ජිවිතක්ෂයට පත්වූ ඇගේ දරුවාගේ වයස අවුරුදු 01යි මාස 06ක්. යතුරු පැදිකරු සිය දරු දෙදෙනා සහ බිරිද සමග මව්පියන් බැලීම සඳහා ගාල්ලේ සිට රත්ගම දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. යතුරුපැදිකරු කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙකු බවයි පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ සහ වයස අවුරුදු 01 හමාරක් වන ඇගේ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

බොදු බලයට නෝර්වේ මුදල් දුන් බව මම කීවේ නෑ… මගේ ප්‍රකාශය මාධ්‍ය විකෘති කරලා !

colombotoday

අජිත් ප්‍රසන්න ට ඇප. | මින්මතු සාක්ෂිරුවන්ට බලපෑම් වෙන ප්‍රකාශ නිකුත් නොකරන බවට ප්‍රතිඥාවකුත් දෙයි.

colombotoday

සැබෑ දේශපාලනඥයා කවුරුන්දැයි ජනතාව දැන් දන්නවා – ජනපති

colombotoday

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියාට වසර 39ක සිර දඬුවමක්

Admin

රථවාහන වැරදි සදහා රු 25000 දඩය නැවත එයි…

colombotoday

බුත්තල පොලොව සෙලවීම භූකම්පන මාන හතරෙහිම සටහන් වෙයි

Admin