Colombo Today Local News

‘මාව විකටයෙක් කරලා’ ෂැඩෝ කැබිනට්ටුව නිසා හිටපු ජනපති සිත් තැවුලෙන් !

mahinda33

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කෝපයෙන් හා සිත්තැවුලෙන් පසුවන බව දැනගන්නට ලැබේ.

හිටපු යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම ඡායා කැබිනෙට්ටුව පිහුටුවීමට මුලික වී අැති බව පැවසෙන අතර මේ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් වීමක් සිදුවී නොමැති බව පැවසේ.

හිටපු ජනපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් වී ඇත්තේ බැසිල් රජපක්ෂ මහතාගෙන් කළ වීමසිමකට අනුවයි.

ඡායා කැබිනෙට්ටුවේ අගමැතිවරයා ලෙස හා බුද්ධ ශාසන හා ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා ලෙසද පත්කරීම සම්බන්ධයෙන් තම දැඩි කෝපය පළකළ ඇති රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමා හිටුපු අගමැතිවරයකු වන දිමු ජයරත්නගේ තත්ත්වයට පත්කර ඇති බවයිි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ පත් කිරීම සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ නාමල් විදේශ කටයුතු වැනි විෂයක් දැරිමට තරම් අත්දැකිමක් ඇති පුද්ගලයකු නොවන බවයි.

මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන්නේ ඡායා කැබිනෙට්ටුවෙන් සිදුව ඇත්තේ තමා දැඩි හාස්‍යට හා අපහසුතාවයට ලක්වීම බවයි.

Helabima.lk

Related posts

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු MCC ගිවිසුම අත්සන් කරනවා !

colombotoday

පෙට්‍රල්-භූමිතෙල් කලවම් කර බෙදාහැරලා

Admin

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි

colombotoday

තානාපති සේවා අඩපණයි, මියන්මාරයේ ශ්‍රී ලංකා බෞද්ධ විහාර දෙකක් හැදීමේ ව්‍යාපෘතිය එරට රජය අතහැර දමයි

colombotoday

ඇමතිකම මාරු වුණත් කිරිඇල්ල මධ්‍යම අධිවේගයට අරක් ගනී…

colombotoday

ඛණිජ තෙල් ගෙන්වීමෙන් ඉතුරු වූ ඩොලර් බිලියන 6ට මොකද වුණේ?

colombotoday