Colombo Today Local News

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

eran wc

ලබන 30 වැනිදායින් පසුව පුරප්පාඩු වන මහ බැංකු අධිපති ධුරයට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

යම් හෙයකින් ඉරාන් වික්‍රමරත්න මහාත එම ධුරයට පත්කළහොත් ගියවර මනාප ලයිස්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරියෙන්ම සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රකාශිකා රෝසි සේනානායක මහත්මියට නැවත වරක් පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත.

කෙසේ වෙතත් මහබැංකු අධිපතිවරයා පත්කිරීමට පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන අතර එරාන් වික්‍රමරත්න මහතා එම ධුරයට පත් කිරීමේ සූදානම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ක්‍රිස්තියානි ෆාස්ටර්වරයෙකු වන ඇමති එරාන් වික්‍රමරත්න මහතා (Assemblies of God) ඇමරිකානු එවැන්ජලිකල් පල්ලියේ ලංකාවේ ප්‍රධානියා ලෙසද කටයුතු කරන අතර ඔහු යටතේ රට පුරා පල්ලි 400කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බව පැවසේ. ලංකාවේ බෞද්ධ සහ හින්දු ජනතාව ඉලක්ක කරගනිමින් අන්‍යාගම්කරණ වැඩපිළිවෙල දියත් කර ඇති ප්‍රමුඛතම රාජ්‍ය ‍‍නොවන සංවිධානය මෙය වන අතර පසුගිය සමයේ රට පුරා ආගමික නොසන්සුන්තාවයන් ඇති කිරීමට පුරෝගාමීව කටයුතු කළ කණ්ඩායමක් ලෙසටද චෝදනා එල්ලවේ.

Related posts

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කරයි.

colombotoday

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

colombotoday

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

colombotoday

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday

ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

colombotoday