Colombo Today Local News

ආණ්ඩුවට එරෙහිව බැසිල්ගේ කැරැල්ල බදුල්ලෙන් ඇරඹෙයි

bazil rajapaksha

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පළාත් පාලන ආයතන නියෝජිතවරුන්ගේ නව සංවිධානයක් මේ මාසයේ කොළඹදී පිහිටුවීමට නියමිතව තිබේ.ඒ අනුව ආණ්‌ඩු විරෝධී පුළුල් ජාතික බලවේගයක්‌ ගොඩනැගීම බදුල්ල දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගෙන ලබන මස 02, 03, සහ 04 යන දිනයන්හිදී ආරම්භ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයට සහාය පල කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පළාත් පාලන ආයතන නියෝජිතවරුන් රැසකට නාමයෝජනා අහිමි විය හැකි නිසාත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ වාමාංශික දේශපාලන මතවාද දරන කණ්ඩායම්වලට නාම යෝජනා අහිමිවිය හැකි හෙයිනුත් ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සූදානමින් මෙම සංවිධාන පිහිටුවීමට තීරණය කල බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කලා.

මෙම සංවිධානය බිහි කිරිමට අදාළව පළාත් පාලන ආයතන නියෝජිතවරුන් හා ආසන මට්ටමේ ක්‍රියාකාරිකයින්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සංවිධාන සියල්ල මේ වන විට පිහිටුවා අවසන්ව ඇති අතර මේ දිනවල දිස්ත්‍රික් කමිටු පිහිටුවීම ආරම්භ කර ඇති අතර ඒ අනුව බදුල්ල, කෑගල්ල, රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක මට්ටමේ දේශපාලන ක්‍රියාකාරිකයින්ගේ රැස්වීම් ද පවත්වා අවසන් කර ඇත. මේ ආකාරයෙන් තෝරා පත් කර ගන්නා ආසන හා දිස්ත්‍රික්ක මට්ටමේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රධාන සංවිධානය පිහිටුවීම කොළඹදී සිදුකෙරේග.

Related posts

“මට වට්ස්අප් කරන්න, මාසෙකින් අනුමැතිය දෙන්නම්“ ඇමති සුජීව හා විදුලි දුම්රිය ආයෝජකයන් අතර සාකච්ඡා වීඩියෝව එළියට..

colombotoday

රු. බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ලබන 8 වැනිදා

colombotoday

බැදුම්කරයට නොදෙවෙනි ගැහිල්ලකට ටෙලිකොම් සැරසේ ! වහා ඉස්තාලය වසා දමනු…

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙටයි

colombotoday

අයවැය සම්මතකරගන්න TNA මන්ත්‍රීන්ට කෝටි දෙක බැගින් අල්ලස් දුන්නා…

colombotoday

ත්‍රිවිධ හමුදා අවි ගබඩා අනුරාධපුර, ඔයාමඩුවට.. ඇමති මණ්ඩල අනුමැතිය හිමිවේ

colombotoday