Colombo Today Local News

74 මවගේ පුතු 47 පෙම්වතාට පෙම නවතන්නැයි කියා කෑ පිහි පහරින් මරුට

හැත්තෑහතර වියැති මවක සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන 47 හැවිරිදි අවිවාහකයකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් එම මවගේ පුතා මරණයට පත්ව ඇතැයි මුන්දලම පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ එස්.එම්.චාමර රුවන් නමැති 28 හැවිරිදි එක්දරු පියෙකි.

සැකකරු පිහියත් රැගෙන පලා ගොස් ආමුකුලිය ප්‍රදේශයේ සැගව සිටියදී දැඩි ප්‍රයත්නයක් දරා අතඅඩංගුවට ගත් බව කියයි. සැකකරු මීට පෙර ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු බවත් වසර ගණනක් සිරගතව පැමිණි අයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

අලව්ව ප්‍රදේශයේ පදිංචි මියගිය එක්දරු පියා මිට දින කිපයකට පෙර තම සොහොයුරිය පදිංචි කල්පිටියට පැමිණ සිටියදී මවගේ මෙම අනියම් පෙමට එරෙහි වීම නිසා ඇති වූ ගැටුමකින් පසු තියුණු ආයුද ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම ඝාතනය කළ බව කියන තැනැත්තා සමග පවත්වාගෙන යන සම්බන්ධය නවත්වන ලෙස 72 හැවිරිදි මවට පැවැසූ අවස්ථාවේ මෙම දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුව ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.

එම බහින් බස් විමත් සමග එකවරම මෙම සැකකරු කාන්තාවගේ පුතාට පිහි ප්‍රහායක් එල්ල කර ඇති අතර සැකකරු පලා ගොස් තිබු බව පොලිසිය පවසයි.

පිහි ප්‍රහාරයකට ලක්වු තරුණයා කඩිනමින් පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබුනද ඒ වන විටත් මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මෙයට පෙර මිගමුවේ තිදෙනකු ද පොලොන්නරුවේ එක් අයකු ද පුත්තලම කරිකට්ටයේ එක් අයකු ද ඇතුළුව ඝාතන පහකට ප්‍රධාන සැකකරුවක් බවත් මිගමුවේ ඝාතනවලට වසර 20ක් බන්ධනාගාර ගතව පැමින සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති බව කියයි.

Related posts

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් ගොඩනැගිල්ලක ගින්නක්

Admin

5412 ක් යුද හමුදාවෙන් ඉවත්වෙන්න ඉල්ලයි !

colombotoday

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

colombotoday

කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේදී වාහනයක් ගිනිගනී

Admin

ස්විස් තානාපති නිවසේදී කටඋත්තර ගන්නයැයි උපුල් කුමාරප්පෙරුම සිදුකල ඉල්ලීම ඉවතට.

colombotoday

උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

Admin