ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගෙන තිබේ.
සමරනායක මහතා මීට පෙර ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධුරයෙහි කටයුතු කර ඇත.
“දවස“ පුවත්පතෙහි උප-කර්තෘවරයෙකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ඒ මහතා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වැනි රාජ්‍ය ආයතන රැසක ඉහළ ධුරයන් හොබවා ඇත.
මොහාන් සමරනායක මහතා එක්සත් ජාතීන්ගේ ප්රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද දිගුකලක් සේවය කර ඇත.