Covid 19

දිස්ත්‍රික්ක 19කින් නව ආසාදිතයින් 737ක්.. මරණ 4 යි

අද (26)දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් – 19 ආසාදිතයින් 737 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59167ක් දක්වා ඉහළ ගියේ ය.

වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 227කි.

ඊට අමතරව, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතන් 102 ක් සහ 96 ක් ලෙස වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 68කි.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 59,167ක් දක්වා ඉහළ යද්දී සුවය ලැබූ සංඛ්‍යාව ද 50,337ක් දක්වා ඉහළ ගියේ ය.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 8547 දෙනෙකි.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 4 ක් වාර්තා වීමත් සමග මරණ සංඛ්‍යාව ද 287 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තාවූයේ දැරණියගල, වරකාගොඩ, පූජාපිටිය සහ බේරුවල යන ප්‍රදේශවලිනි.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 7,996 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ (25) දිනයේ මෙරටදී සිදු කර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව 14,799 කි.

Related posts

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ගෙවුණු දිනයේ..

colombotoday

මාස 3ක බිළිඳියකටත් කොරෝනා වැලදෙයි

colombotoday

ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday