Colombo Today Local News

පිටකොටුව දෙවන හරස් වීදියත් වැසෙයි

කොළඹ පිටකොටුව දෙවන හරස් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින කීපයකට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබේ.

රෙදිපිළි සහ තෑගි භාණ්ඩ තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ දෙවන හරස් වීදියට දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් පිටකොටුව දෙවන හරස් වීදියේ කඩ හිමියෝ එම තීරණයට එළඹීමට හේතුවී තිබේ.

මේ අතර ඊයේ දිනයේ කොළඹ පිටකොටුව කේසර් වීදිය ද වසා දැමීමට සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු හිමියන් පියවර ගනු ලැබීය.

Related posts

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday

ව්‍යවස්ථා කරුමය මැදට ETCA හෙණයත් කඩා වැටේ.. මාස දෙකක් ඇතුළත අත්සන් කරන බව ඉන්දියාව කියයි

colombotoday

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඒකාබද්ධයේ සියළු මන්ත්‍රීන් ශ්‍රීලනිප සංවත්සරය වර්ජණයට තීරණයක් !

colombotoday

පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ පොලිස් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් මරණ ආදාහනය කරණ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

colombotoday