Colombo Today Sports News

ගාලු කොටු පවුරේ සිට කණ්ඩායම දිරි ගැන්වූ ක්‍රිකට් ලෝලියාට එංගලන්ත නායකයාගෙන් ලැබුණු දුරකතන ඇමතුම.

එංගලන්තයේ ක්‍රිකට් ලෝලියෙකු වන රොබ් ලුවිස් මේ වනවිට ලෝකයේම ක්‍රිකට් ලෝලීන් කතා කරන පුද්ගලයෙකු බවට පත්ව අවසන්ය.

ඒ, පසුගිය 14 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය ගාලු කො‌ටු පවුරේ සිට ඔහු නැරඹීමට උත්සාහ කිරීමේදි ඔහුට බාධා මතුවීම හේතුවෙනි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔහුට එහිදී බාධා මතු වුවත් පසුව ඔහුට ගාලු කොටු පවුරේ සිට එංගලන්ත කණ්ඩායමට දිරි ගැන්වීමට අවස්ථාව ලබා දුන්නේය.

ඔහු මාස 10ක් පුරා මෙරට රැඳී සිටිමින් එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයන් නැරඹීමට අපේක්ෂාවෙන් සිටි ක්‍රිකට් ලෝලියෙකු වීමද විශේෂත්වයකි.

අද එම විශේෂ ක්‍රීඩා ලෝලියාට එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු සුවිශේෂි දුරකතන ඇමතුමක් ලැබුණි.

ඒ වෙන කාගෙන්වත් නොව ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් විසිනි.

රූට් ගාලු ක්‍රීඩාංගණයේ හතරේ සීමාව අසලට පැමිණ කොටු පවුර උඩ රැඳී සිටින රොබ් ලුවිස්ට දුරකතන ඇමතුම ලබා ගත්තේය.

එය ඉතාමත් සුවිශේෂි අවස්ථාවක් විය.

සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කොටු පවුර උඩ රැඳි සිට දිරි ගැන්වීම සම්බන්ධයෙන් ජෝ රූට් ඔහුට විශේෂ ස්තුතියක් ද පළ කළේය.

එම සම්පූර්ණ දුරකතන සංවාදය…

Related posts

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

colombotoday

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

colombotoday

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාස ගත ජයක්.

colombotoday

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට

colombotoday

ඩිල්රුවන් – අජන්ත – පරණවිතාන නව ක්‍රිකට් තේරීම් කමිටුවට

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි

Admin