World

පිලිප් කුමරු රෝහල් ගතකරයි

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුරෝහල්ගත කර තිබේ.

එරට බලධාරීන් අවධාරණය කරන්නේ අවුරුදු 99ක් වයසැති කුමරුගේ වයස්ගත භාවය සලකා මෙසේ රෝහල්ගත කර ඇති බවය.

එමෙන්ම කුමරුට කොවිඩ් වැළඳී නොමැති බවත් ඔවුන් අවධාරණය කරයි.

එඩින්බර්ග් හි ආදිපාද යන නිල නාමයෙන් හැඳින්වෙන පිලිප් කුමරු එළිසබත් මහා රැජිනගේ ස්වාමි පුරුෂයාය.

කිසිදු ආධාරයක් නොමැතිව පාගමනින් පැමිණි කුමරු හත්වැනි එඩ්වර්ඩ් රාජකීය රෝහල බලා පිටත්ව ගිය බව රාජකීය වාර්තා පවසයි.

94 හැවිරිදි රැජින සහ කුමරු දෙදෙනාම කොවිඩ් එන්නත සඳහා වන පළමු එන්නත් මාත්‍රාව පසුගිය ජනවාරි මාසයේදී ලබාගත්තේය.

Related posts

ඇමෙරිකන් ගුවන් ප්‍රහාර වලින් ඉරාන හමුදා නායක මරුට

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

colombotoday

ඉන්දියාව “චන්ද්‍රයාන් – 3” සඳ ට යවයි

Admin

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

colombotoday

මද්‍රසාවක් තුල දැවැන්ත පිපිරීමක් | 8ක් මරුට. 100කට තුවාල

colombotoday