Colombo Today Local News

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

ඔන්ලයින් ක්‍රමය මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට එන්තරවාසියක් යොමු කර ඇත.

පෞද්ගලික නීතිඥ සමාගමක් මගින් යොමු කර ඇති මෙම එන්තරවාසියෙන් පෙන්වා දී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර මත්පැන් අලෙවි කිරීම සුරාබදු ආඥා පනත සහ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවයි.

එසේම සුරාබදු නිවේදන අංක 666 යටතේ බලපත්‍රය ලබාදී ඇති පරිශ්‍රය තුළ පමණක් මත්පැන් අලෙවි කළ යුතු බවට පැහැදිලිවම නියෝග කර ඇති බව මෙමගින් පෙන්වා දී ඇත. එසේම එම වගන්තිය යටතේ ඕනෑම මත්පැන් වර්ගයක් බලපත්‍රලාභීයකු හෝ ඔහු​ගේ නියෝජිතයකු හෝ සේවකයකු සන්තකයේ තබා ගැනීම හෝ විකිණීම තහනම් බව ද එමගින් පවසා තිබේ.

එහෙත් බලපත්‍රලාභියකු අන්තර්ජාලය මගින් මත්පැන් අලෙවි කරන විට, එම බලපත්‍රය ප්‍රදානය කරන ලද පරිශ්‍රය තුළ විකිණීම සිදු නොවන බවත් පරිගණකය හෝ වෙනත් ඉලෙක්ට්‍රෝනික උපකරණයක් මගින් මත්පැන් නිෂ්පාදන මිලදී ගන්නේ නිවසේ සිට හෝ වෙනත් ඕනෑම බාහිර ස්ථානයක හෝ සිට බවත් ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදු කරන බවත් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය අවධාරණය කරයි.

එම නිසා සුපිරි වෙළෙඳසල්වලට හෝ වෙනත් සිල්ලර වෙළෙන්දකුට අන්තර්ජාලය මගින් මත්පැන් විකිණීමට අවසර දෙන්නේ නම්, මත්පැන් මිලදී ගන්නා අන්තර්ජාලය ඔස්සේ මත්පැන් මිලදී ගන්නේ අලෙවිසැලෙහි සීමිත සීමාවෙන් පිටත පිහිටි ස්ථානයක වීම පවත්නා නීතියට පැහැදිලිවම පටහැනි බව මත්පැන් බලපත්‍රලාභීහු පෙන්වා දෙති.

මීට අමතරව මත්පැන් අලෙවි නොකළ යුතු පුද්ගලයන් පිළිබඳව අංක 666 දරන සුරාබදු නිවේදනයේ එන්තරවාසියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කරන බැවින් දින 21ක් ඇතුළත මේ පිළිබඳව ප්‍රතිචාර දක්වන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත. මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව කළ යෝජනාව මුදල් අමාත්‍යාංශය අනුමත කර තිබිණි.

Related posts

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

රාජපක්ෂලා කරේ යෝධ හොරකම්.. මේ ආණ්ඩුවේ ජනපති, අගමැති ඇමතිලා හොරු නෙවෙයි – චන්ද්‍රිකා

colombotoday

ඡන්දය දිය යුතු කෙනා ජනතාව තීරණය කර ඉවරයි – අගරදගුරුතුමා

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

colombotoday

“වෙනත් බලවේග හැදුවොත් තරාතිරම නොබලා ශ්‍රීලනිපයෙන් නෙරපනවා” – සන්ධාන මහලේකම්

colombotoday