Colombo Today Local News

එජාපයේ හිටපු මන්ත්‍රී කසිප්පු පෙරයි

නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ කසිප්පු පෙරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රැකියාවක් සිදු කරන බව ද ඇය එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට පත් කළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බවද පැවසේ.

සම්පූර්ණයෙන් වැඩ නිම නොකල නිවසේ කාමරයක් තුළ ගෑස් ලිපක් යොදා කසිප්පු පෙරීම සිදු කර ඇති බව පොලීසිය පවසයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා හා ඔහුගේ ගෝලයා සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 20000 ක් ,කසිප්පු මිලි ලීටර් 4750ක් හා ඒවා පෙරීමට ගන්නා උපකරණපොලීසිය භාරයට ගෙන තිබේ.

මාතර මාකාවිට පදිංචි 56 හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ගාල්ල තවලම පදිංචි 38 හැවිරිදි ඔහුගේ ගෝලයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

තමන්ගෙ ආසනේ දිනන්න බැරි, පිංඇමති එස්.බී දිසානායකට බෑ එජාපය දියකරන්න – දිලිප් වෙදආරච්චි

colombotoday

අද ඩොලරයේ වටිනාකම

Admin

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

colombotoday

මිලදී ගත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday