Colombo Today Local News

ආණ්ඩුව ඩයස්පොරාවට ලබා දුන් පොරොන්දු එකක් නෑර ඉටු කරමින් ඉන්නවා

ජාතික ආණ්ඩුවක් යැයි පවසමින් වත්මන් රජය දෙමළ ඩයස්පොරාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ වියතුන්ගේ හඩ සංවිධානය කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දේශප්‍රේමී භික්ෂූ සංවිධානයේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ මේ ආණ්ඩුව දේශද්‍රෝහී ආණ්ඩුවක් බවත් ඔවුන් වෙනුවන් කටයුතු කිරීමට තමන්ට නොහැකි බවත්ය.

‘මේ රජයේ අය කියන්නේ මෙය සම්මුතිවාදී ආණ්ඩුවක් කියලා. එය හරියටම හරි. දේශද්‍රෝහී වැඩ කිරීමට සම්මුතියකට පැමිණ සිටින මේ රජයට ඒ නම සුදුසුයි‘ යැයිද නාලක හිමියෝ පැවසූහ.

Related posts

වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Admin

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් – ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස තවදුරටත් රාජකාරියේ

colombotoday

එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය යාපනයේදී මහජන අදහස් විමසීමයි

colombotoday

විදුලි කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

Admin

“මේ ආණ්ඩුවේ ලෝක හොරු ඉන්නවා”.. රාජිතගේ පොටෝ එකක් පෙන්වා රන්ජන් කියයි !

colombotoday

ජාතික සභාවේ පළමු රැස්වීම ලබන 29 වනදා

colombotoday