Colombo Today Local News

පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ගමන්වාර අද සිට

අන්තර් පළාත් සීමිත බස් හා දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අද (14)දින සිට ධාවනය කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, ඒ සඳහා කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය හිමි වූ බවයි.

ඒ අනුව රජයේ සහ පෞද්ගලික අංශයේ පිරිස් සඳහා අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ගමන් කළ හැකි අතර මගීන් සන්තකයේ හැඳුණුම්පත් හෝ අවශ්‍ය ලිපි ලේඛන තිබිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, අද (14)දින සිට අත්‍යවශ්‍ය කාර්යාල සේවකයින් ප්‍රවාහනය සඳහා අතිරේක දුම්රිය ගමන් වාර 14 ක් ධාවනය කෙරෙන බවයි.

ඒ අනුව උදෑසන කාලයේ මහනුවර සිට දුම්රිය 2ක්, රඹුක්කන සිට එක් දුම්රියක්, බෙලිඅත්ත සිට එක් දුම්රියක් , ගාල්ලේ සිට එක් දුම්රියක්, මහව සිට එක් දුම්රියක් සහ හලාවත සිට එක් දුම්රියක් ද වශයෙන් කොළඹ බලා පැමිණෙනු ඇති.

සවස් කාලයේ යළි එම දුම්රිය ගමනාන්ත බලා ධාවනය වනු ඇති.

ඉදිරියේදී මගී අවශ්‍යතාව සලකා බලා ක්‍රම ක්‍රමයෙන් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.

Related posts

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday

ප්‍රභාකරන්ට එරෙහිව ගෙනා ත්‍රස්ත පනතින් ප්‍රභාකරන් නැසූ ගෝඨාව අත්අඩංගුවට ගන්නේ කොහොමද?- විජේදාස

colombotoday