බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමක් සිදු වී ඇතැයි වාර්තා වෙනවා. ඒ දෙමටගොඩ ප්‍රදේශයේදී බවයි අනාවරණය වෙන්නේ.
වෙඩි වැදීමකින් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකුවන දෙමටගොඩ චමින්දගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.
KE – 2018 නැමැති මොටර් රථයකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් සඳහන්.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සැකකරුවන් මෙම බන්ධනාගාර බස් රථයේ ගමන් කළ බව සඳහන් වන අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට උපස්ථාන කලේද මෙම දෙමටගොඩ චමින්ද නැමැත්තායි.