Colombo Today Local News

පන්සලක ඉඩමක් උකස් තබා මුදල් ගත්තා යෑයි රංජන් කී ඩීවී උපුල්ගෙන් රන්ජන්ට අභියෝගයක්

dv upu -ranjan

තමා පන්සලක ඉඩම් උගස් කර මුදල් ලබාගෙන ඇති බවට අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කරන ප්‍රකාශය සත්‍ය නම් තමා දේශපාලනයෙන් සමුගන්නා බවත්, එය අසත්‍ය නම් අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දේශපාලනයෙන් සමුගත යුතු බවත් දකුණු පළාත් ධීවර ඇමති ඩී.වී. උපුල් මහතා පැවසීය.

කුඩාවැල්ල තම කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඩී.වී. උපුල් මහතා මේ බව අද පැවසීය.

රන්ජන් රාමනායක මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කර තිබුනේ ඩී.වී. උපුල් මහතා හම්බන්තොට ප්‍ර දේශයේ විහාරස්ථානයක් සතු ඉඩමක් උකස් තබා මිලියන 50ක් ලබාගෙන ඇති බව ලංකාපුත්‍ර බැංකුවේ සභාපතිවරයා තමන් සමග පැවසූ බවයි.

එම ප්‍රකාශය සම්බන්ධයන් අදහස් දැක්වීම සදහා කැදවූ මාධ්‍ය හමුවක් අතරතුරදී රන්ජන් රාමනායක අමාත්‍යවරායට දුරකථන ඇමතුමක් ලබා ගත් ඩි.වී උපුල් හට රන්ජන් රාමනාය අමාත්‍යවරාය ප්‍රකාශ කර සිටියේ මිලියනගණනක් ඩී.වී. උපුල් ඇමතිවරයා ලබා ගෙන තිබෙන බවට ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි. ඒ බැංකුවේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් වගකීම ගන්නා බව ප්‍රකාශ කළ බවද රන්ජන් රාමනායක අමාත්‍යවරයා දුරකථනය ඔස්සේ ප්‍රකාශ කරන ලදී,.

“මම වගකීමෙන් කියනවා මමවත් මගේ බිරිඳවත් දරුවන් හතර දෙනාවත් ලංකා පුත්‍ර බැංකුවෙන් රුපියලක්වත් අරන් නෑ. පන්සලක ඉඩමක් උකස් තියනවා තියා පන්සලකින් අට පිරිකරක්වත් අපි අරගෙන විකුණලා නෑ. ඒ නිසා මම අභියෝග කරනවා රංජන් රාමනායක ඇමතිතුමාට එතුමා කියන මේ දේ ඇත්ත නම් මේ අවුරුදු 12 ක් ගොඩනගාගත්ත කීර්තිමත් දේශපාලනය අතහැරලා අමාත්‍ය ධුරයෙන්, මන්ත්‍රී ධුරයෙන් පමණක් නෙවෙයි දේශපාලනයෙන්ම සමුගන්නවා කියලා….

එතුමා මේ කිවුවෙ සත්‍යයක් නම් මේක ඔප්පු කරන්න. එහෙම නැත්තම් ඔබතුමත් ගෞරවයෙන් මේ බොරු කීම නවත්තලා ඉල්ලලා අස්වෙන්න ඕන. මම මට වුණු අපහාසට අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ඩී.වී. උපුල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින්

[fbvideo link=”https://www.facebook.com/newsfirst.english/videos/1055710231155901/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

මන්නාරම, සිලාවතුර නාවික කදවුරේ ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක්…

colombotoday

කුලියාපිටිය බිංගිරිය හා දුම්මලසූරිය නොසන්සුන්

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු නවතා දමා තිබු පකිස්තානු මක්තබ් මද්‍රසා යලි ආරම්භ කිරීමට උලමා සභාව සුදානමින්

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

Shangri-la හෝටලයේ නැවතී සිටි සැකකටයුතු පුද්ගලයන් තිදෙනෙක් පරික්ෂාවට

colombotoday

බැංකු කඩලා බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ – සජිත්ගෙන් රවීට ප්‍රහාරයක්

colombotoday