ලංකා සතොස ආයතනය අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 07ක මිල අඩුකර තිබේ.
ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 4කින්, ආනයනික අර්තාපල් සහ බී ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 5කින් අඩුකර ඇති බව එම ආයතනය පවසයි.
ඊට අමතරව රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 11කින්, දේශිය ටින්මාළු රුපියල් 15කින්, මිරිස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 15කින්, හාල් මැස්සෝ කිලෝග්‍රෑම් එකක් රුපියල් 50කින් අඩුකර තිබේ.