Colombo Today Local News

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස පහක‍ට අත්හිටුවයි

අනුරාධපුර – වව්නියාව දුම්රිය කොට්ඨාසයේ අලුත්වැඩියාවක් සඳහා ලබන ජනවාරි මස 5 වැනිදා සිට මාස පහක කාලයක් සඳහා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එදින සිට මාස පහක කාලයේ කොළඹ කොටුව සිට අනුරාධපුර සහ අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා පමණක් එම මාර්ගයේ දුම්රිය ධාවනය කරන බවත් අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මගීන්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යොදවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කන්කසන්තුරය – මුරුක්කණ්ඩි දක්වා ධාවනය කරන ‘යාල්රාණි’ දුම්රිය එම මාස පහක කාලය තුළ වව්නියාව දක්වා ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

වටවල පාසලක හදිසියේ ලෙඩ වුණු ළමුන් 12ක් රෝහල් ගත කරයි

colombotoday

පොල්ගෙඩි 1070 ක් සොරකම් කළ 13 හැවිරිදි සිසුවෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

ගෘහ සේවයට විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ

colombotoday

කිලෝ 5කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

චීනයට දුන් හම්බන්තොට වරායේ ඉතිරි මුදල ගෙවීම චීන සමාගම ප්‍රතික්ශේප කරයි..

colombotoday