Colombo Today Local News

පාපිස්නාවට ගිය ශ්‍රී ලංකා ජාතික කොඩිය

අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර ඇත.

ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබේ.

අන්තර් ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර ඇත.

ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවයි. සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරති.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ​මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් අප කළ විමසුකදී පැවසුවේ මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

Related posts

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක්…

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

සෞඛ්‍ය නිලධාරිනියකට “හිරු CIA“ ප්‍රහාරයක්.. ගම් වැසියන්ගෙන් හිරුට විරෝධය (Video)

colombotoday

ජනපති සහ චීන ජනපති හමුවෙයි

Admin

රජයේ සහන කාලය අවසන් වනතෙක් ලීසිං ආයතනවලට වාහන නැවත අත්පත් කරගන්න බෑ..

colombotoday