Colombo Today Local News

12,000 ක් සිටිය යුතු බන්ධනාගාරයේ‍ 25,300ක් රඳවලයි ඉන්නේ

රැඳවියන් 12,000 කට ප්‍රමාණවත් වන දිවයිනේ බන්ධනාගාර තුළ මේ වන විට සිරකරුවන් හා සැකකරුවන් 25,300 ක් පමණ  රඳවා සිටින අතර මේ අයගෙන් 16,000 ක් සැකකරුවන් බව  බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්  ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා පවසයි.

බදුල්ල තල්දෙන බන්ධනාගාරයේදි පැවැති මාධ්‍ය හමුවකදි ඊයේ (15) කොමසාරිස්වරයා මේ බව පැවසිය .

රඳවා  තබන බන්ධනාගාර ආයතන 30 ක්  දැනට පවතින අතර  රැඳවියන්ගෙන් 50%  ක් පමණ  මත්ද්‍රව්‍ය වැරදි හෝ  මත්ද්‍රව්‍ය ආශ්‍රිත කාරණා  සම්බන්ධයෙන්  රඳවා ඇති බවද අනාවරණය කළේය .

බන්ධනාගාර තුළ  සිට මත්ද්‍රව්‍ය ඡාවාරම් ක්‍රියාත්මක වීම නතර කර ඇද්දැයි විමසූ විට  බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා පැවසුවේ   එය මැඩිම සඳහා විවිධ  ක්‍රමඋපයෝගි කරගෙන ඇති බවයි .

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රඳවා සිටින අය අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්  ,භාවිතා කරන්නන්  හා  මත්ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාරිකයන්ද සිටිනවා. ව්‍යාපාරිකයන් මධ්‍ය හා මහාපරිමාණ වශයෙන්ද සිටිනවා .

බන්ධනාගාර තුළ සිට කෙරෙන  ඡාවාරම් පිළිබද ප්‍රශ්නය කාලයක් තිස්සේ සංවාදයට බදුන් වි තිබෙනවා .ඒ අනුව විවිධ උපක්‍රම ක්‍රියාවේ යෙදවා තිබෙනවා . බන්ධනාගාර පරිශ්‍රයට ඉහළින් ජංගම දුරකථන පද්ධතියට අවහිර කිරිමේ උපකරණ  යෙදවු විට විවිධ බාධක ගැටලු මතුඋනා .

බන්ධනාගාරයේ මෙන්ම අවට රාජ්‍ය හා පුද්ගලික ආයතන වලටත් පාසැල්වලටත්  එම දුරකථන වලට බාධා ඇති උනා. අනෙක් කාරණය තමයි එම තාක්ෂණයට වඩා  ඉහළ තාක්ෂණයක් අද  ජංගම දුරකථන සදහා ලැබි තිබෙනවා .

මේ හේතු නිසා පසුගිය කාලයේ සාකච්ඡා  කල කාරණයක් අනුව මෙම විශේෂිත  පුද්ගලයන් විශේෂ බන්ධනාගාරයක් තුළ රැඳවීමට පියවර ගත්තා.

ඒ අනුව බූස්සේ බන්ධනාගාරය  සදහා ගොඩනැගිල්ල ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉල්ලාගෙන ‍එය ස්ථාපිත කළා . එහි ප්‍රධාන මැදිරි 46 ක් ඉදිකර තිබෙනවා.  ඊට අමතරව තවත් ඉදිකිරිම් තිබෙනවා .

දැනට මෙම කටයුතු  මැඩලීම සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ලැබි  තිබෙනවා.  ඉදිරියට තවත් ආයතන කීපයක් සහාය අවශ්‍ය වෙලා තියෙනවා යැයිද පැවසීය.

මරණ දඬුවම ලැබූ 470 දෙනෙක්  බන්ධනාගාර තුළ  සිටින බවත් අභියාචනා  කළ  700 ක් පමණ   ද සිටින බවත් අනාවරණය කළේය .

Related posts

රාජකාරියේ සිටි ඇමැති ආරක්ෂක නාන කතක් විඩියෝ කරලා

Admin

දවල්ට මෛත්‍රී එක්ක.. රෑට මහින්ද එක්ක, ඩීල් දමන ඇමතිවරයෙක් ගැන හෙළිකරයි

colombotoday

ජනමාධ්‍ය ජනපති යටතට… ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය චරිත හේරත්ට….

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday

දින 08කට පසු ගෑස් සිලින්ඩර් 50,000 ක් අද වෙළෙඳපොළට..

colombotoday

උපාධිධාරීන්ට රැකියා ලබාදීම මාර්තු 01දාට පෙර අරඹනවා – ෂෙහාන්

colombotoday