Covid 19

ඇඟලුම් කම්හලක 120ට කොවිඩ් | පහකට ඩෙල්ටා ආසාදිතයි.

කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සිදු කළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙ.

ඒ අනුව ඉකුත් දින කිහිපය තුළ මෙම කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම හේතුවෙන් ජූලි 19 වන දා එහි අංශ කිහිපයක සේවක සේවිකාවන් 166 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර තවත් සේවක සේවිකාවන් 20 දෙනෙකුගේ ලබා ගත් ජෛව සාම්පල් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇත.

එහිදී PCR පරීක්ෂණවලින් සේවක සේවිකාවන් 109 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව වර්තා වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලද සේවක සේවිකාවන් විසි දෙදෙනාගේ ජෛව සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉන් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ අතර එම පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් 6 දෙනෙකුගේ සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීමේදී එයින් පස් දෙනෙකුට ඩෙල්ටා වෛරසය ආසාදිත වී ඇති බවයි අනාවරණය වී ඇත්ත‍ේ‍‍.

මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සේවය කරන බව වාර්තා වේ.

Related posts

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්… කුරුණෑගලත් ආසාදිතයින් 50 පනී.

colombotoday

තවත් කොවිඩ් මරණ 48ක්

colombotoday

කොළඹ සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා

colombotoday

ගුවන් හමුදාපතිටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday