Colombo Today Local News

‘ශ්‍රී ලංකාව, තමිල්ණාඩුව, ආන්ද්‍රා ප්‍රදේශ්’ එකම සංචාරක කලාපයක් කරන්න දෙරටේ එකගතාවය !

sri lanka india

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු ප්‍රාන්ත සහ ශ්‍රී ලංකාව එකම සංචාරක කලායපක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදව දෙරටේ අවධානය යොමුව තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ස්ව්ට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ඉන්දීය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නයිදු යන මහත්වරුන් අතර පැවති හමුවේදී මේ බව අවධානය යොමු වූ බව ය.

ශ්‍රී ලංකාව හා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය අතර ආගමික, සංස්කෘතික හා සංචාරක සබඳතා තහවුරු කිරීම පිළිබඳව සොයා බැලීමට දෙරටේ නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද එහිදී එකඟතාවට පැමිණ තිබේ.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග ද සාකච්ඡා කරන බව ය.

Related posts

කලත්තෑව කඳවුරේ අවි ගබඩාව හොරු බිඳියි.. ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් අරන් පනී !

colombotoday

විදෙස් ගතව සිටි ලාංකිකයින් 298 දෙනෙකු දිවයිනට

colombotoday

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

18ට වැඩි නම් බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි

Admin

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

Admin

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday