Colombo Today Local News

“ඉන්දියාව දැන් ලංකාවේ සමීපතම මිතුරෙක්.. අනාගතය අතිශයින් යහපත්” – අගමැති

ranilhddඅනාගතයේදී සියලුදෙනා දේශීය සහ කලාපයීය සීමාවන් අභිබවමින් කටයුතු කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. ආයතනය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ ජනපි‍්‍රය රූපවාහිනී මාධ්‍යවේදියෙකු වික‍්‍රම් චන්ද්‍රා විසින්.

පසුගිය කාලවකවානුවලදී ඉන්දු – ශී‍්‍ර ලංකා මිත‍්‍ර සබඳතා පළුදුවීම පිළිබඳවද මෙහිදී ඔහු අග‍්‍රාමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.

එහිදි රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ එවක පැවති ශී‍්‍ර ලංකා සහ ඉන්දීය රජයන් වර්තමානයේ නොමැති බැවින් සහ තමා එවකට බලයේ නොසිටි බැවින් අතීතය අවුස්සාලීමෙන් ප‍්‍රයෝජනයක් නොමැති බවයි.

ඉන්දීය සහ ලාංකීය දේශපාලන නායකයන් අතර මිත‍්‍රත්වය ශක්තිමත් අවස්ථාවන්හිදි දෙරටේ සබඳතා වැඩිදියුණු වුණා.

වර්තමානයේ දෙරටේ දේශපාලන නායකයින් අතර ඇති සමීප මිත‍්‍රත්තවය හේතුවෙන් අනාගත සබඳතා අතිෂයින් යහපත්වනු ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර හම්බන්තොට වරාය යුදමය කාර්යයන් සඳහා චීනය වෙත ලබාදීමට සැලසුමක් ඇති බවට ඉකුත් සමයේ පැතිර ගිය ආරංචි පිළිබඳවද රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

හම්බන්තොට වරාය වෙළෙඳ වරායක් ලෙස සංවර්ධනය කෙරෙනවා. එ් වටා කර්මාන්ත කලාපයක් ඉදිකිරීමටයි වත්මන් රජය කටයුතු කරමින් සිටින්නේ.

ඉන්දීය ආයෝජකයින් ඇතුළු ලෝකයේ ඕනෑම රටක ආයෝජකයින්ට හම්බන්තොට වරාය හෝ කර්මාන්ත කලාපය ආශි‍්‍රතව ආයෝජනය කිරීමේ වැඩි අවස්ථාවක්ද පවතිනවා.

හම්බන්තොට වරාය පමණක් නොව කොළඹ දකුණ වරාය, කොළඹ උතුර වරාය සහ ති‍්‍රකුණාමලය වරාය සංවර්ධනය කිරීමටද සැලසුම් සකස් කරමින් ඇතැයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා.

මේ අතර ලෝක ආර්ථික සමුළු මධ්‍යස්ථානයේදී අග‍්‍රාමාත්‍යවරයා ජර්මානු රූපවාහිනී ආයතනයක් සමගද සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුණා.

එහිදි රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික සහ මූල්‍ය කලාපයක් බවට පත් කරන බවයි.

ඊට ආවේණික විශේෂිත නීති රීති සම්පාදනය කරන බවත්, හොංකොං කලාපය සහ ඩුබායි නගරය අනුගමනය කරන විශේෂ නීතිරීති සැලකිල්ලට ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා

Neth FM

Related posts

පැනමා පේපර්, ලංකාවේදී පත්තුවෙයි.. විද්‍යා අමරපාල මෙගා පොලීසියෙන් ඉවතට.. ඇමති චම්පික FCIDයට !

colombotoday

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

මහජන සාමය කැඩූ බවට සාක්ෂි නෑ කැළුම්ට ඇප

Admin

රු. කෝටියකට අධික හෂීෂ් තොගයක් ඔරුගොඩවත්තේදී රේගු භාරයට

Admin

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

colombotoday