Colombo Today Local News

චීනයෙන් ප්‍රතිචාර‍යක් නැහැ… IMF ණය කල් යන ලකුණු

ශ්‍රී ලංකාවට දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය මුදල ලබා ගැනීමට ඇති අවස්ථාව මගහැරෙණු ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාව පෙවන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණය හිමි රට වන චීනය එරට කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික සම්මේලනය සම්බන්ධ වීමත් සහ ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පැවති අඩු කාල සීමාවත් සමග අපේක්ෂිත කාලයට ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීමට නොහැකි වනු ඇති බව ය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ලබා ගැනීමට 2023 වසරේ මාර්තු දක්වා බලා සිටීමට සිදුවනු ඇතැයි වොෂින්ටනයේ මූල්‍ය විශ්ලේෂකයින් උපුටා දක්වමින් හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

එම වාර්තාව පෙන්වා දුන්නේ, විදේශ විනිමය අවප්‍රමාණය වීම, ගැඹුරු ආර්ථික අවපාතය සහ වර්ධනය වෙමින් පවතින මූල්‍ය හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ය.

ණය හිමි රටවල් වන ඉන්දියාව සහ ජපානය දැනටමත් ණය ප්‍රතිසන්ධානය සහ ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

Related posts

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යන කතාව බැසිල්ගේ කුමන්ත්‍රණයක්” මහින්දානන්ද අළුත්ගමගේ

colombotoday

හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට

colombotoday

පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !

colombotoday

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday