Colombo Today Local News

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් – සැමියා අතුරුදන්

වැලිගම, වැලිහිඳ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලිසිය පැවසුවේ, 29 හැවිරිදි දෙදරු මවක් මෙලෙස මිය ගොස් ඇති බවයි.

පළමු විවාහයෙන් වෙන්වි සිට ඇති අදාළ කාන්තාව දෙවැනි විවාහක සැමියා සමග අදාළ නිවසේ වාසය කර තිබේ.

පෙරේදා රාත්‍රී නිවසේ විදුලි පහන් දල්වා නොතිබූ බැවින් ඇයගේ මව නිවසට ගොස් විපරම් කර බැලීමේදී ඉදිරිපස දොරට ඉබ්බෙක් දමා තිබී ඇති බවත් පසුව එය ඉවත් කර දොර හැර බලන විට දියණියගේ සිරුර ඇඳ මත තිබෙනු දැක ඇති බවත් වාර්තාවේ.

මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, අදාළ කාන්තාවගේ දෙවන විවාහක සැමියා දින කිහිපයක සිට අතුරුදන් බවයි.

පළමු විවාහයේ දරුවන් දෙදෙනා ඒ අසල පිහිටි මියගිය කාන්තාවගේ මව්පියන් ජීවත් වන නිවසේ වාසය කර ඇති බව ද වාර්තාවේ.

Related posts

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

colombotoday

ඇමැති ඩිලාන් පෙරේරා රජයේ මුදල් කෝටි 14ක් කාබාසිනියා කරලා

colombotoday

නාමල්ටත් ලෙඩක්

Admin

ජනාධිපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්

colombotoday

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙක් අසාධ්‍යව රෝහලේ

colombotoday

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

Admin