Colombo Today Local News

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහනට එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ඩොලර් මිලයන 19ක්

ඉදිරි පස්වසරක කාලයකට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සදහා ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ඇමෙරිකා ඩොලර් මිලයන 19 ක ප්‍රදානයක් කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි.

මෙම ප්‍රදානයෙන් වසර 2030 වන විට සියයට 70 ක් දක්වා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා රජයට සාහාය වීමත් , මෙරට බලශක්ති අංශ්‍ය විශ්වාස තැබිය හැකි දීර්ඝ කාලීන පද්ධතියටක් බවට පරිවර්තනය කිරීමටද දායක වන බව ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.

ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන යටතේ පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීම සදහා ඉඩ සැලසෙන පරිදි ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කිරීම , අඩු වියදම් , තරගකාරී විකල්ප හදුනා ගැනීමට ආරම්භක තාක්ෂණ ව්‍යාපාර වලට අත දීම හා දැරිය හැකි මිළකට සියලු පුරවැසියන්ට විදුලි සැපයුම සිදු කිරීම ට අපේක්ෂා කරයි.

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලීය අධිකරණ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සභාපතීත්වය, අලී සබ්රිට

colombotoday

යුක්‍රේනයෙන් ආ සංචාරකයින්ගෙන් තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

colombotoday

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.

colombotoday

නාවික හමුදාවේ රණවිරුවන් 180කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday

ලංවිම සේවකයෝ 5800ක් ස්ථිර කරනවා – ඇමති සියබලාපිටිය

colombotoday