Colombo Today Local News

යහපාලන රජය පාලම හැදුවේ නැහැ.අනාරක්ෂිත පාරුවට අවසර දී ඇත්තේ කින්නියා නගර සභාවෙන් – නිමල් ලන්සා

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නියා නගර සභාව මගින් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අදාළ සිදුවීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ කළ අදහස් දැක්වීමට පිළිතුරු වශයෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ය.

එම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයට චෝදනා කිරීමට විපක්ෂ නායක ගත් ක්‍රියාමාර්ගය කිසිසේත්ම අනුමත නොකරන බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත හානි සිදුවීම පිළිබඳව රජයේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අදාළ පාරුව යෙදීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු සම්බන්ධයක් නැහැ. දීර්ඝ කාලයක් තිස්සේ එම කලපුව හරහා පාලමක් ඉදිකිරීමට නොහැකි වූ අතර ඒ සඳහා යහපාලන රජය සමයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැහැ. අපේ රජය විසින් එම ජනතාව පත්ව තිබෙන පීඩාවට විසඳුමක් ලෙස මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර එය කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරනවා. අනාරක්ෂිත ලෙස මෙම පාරුව භාවිතා කිරීමට අදාළ නගර සභාව අනුමැතිය ලබාදීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුනා. නිවැරදි ප්‍රමීතීන්ට අනුකූලව මාර්ග සංවර්ධන අධිකාරියෙන් කලපුව හරහා මගී ප්‍රවාහන ක්‍රමවේදයක් සැලසීමට ඉදිරියේදී කටයුතු කරනවා.”

Related posts

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday

විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා | සජිත් ප්‍රේමදාස තග දමයි.

colombotoday

බදු මුදල් වියදම් ගැන ජනතාවට වාර්තාවක් ලබාදෙන්නැයි මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

Admin

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin

කට්ටි පැනපු ප්‍රසන්න අධිකරණයට භාර වෙයි!

Admin

ජපන් රැකියා සඳහා අයදුම්පත් කැඳවීම් ඇරඹෙයි. ටැටූ (Tattoo) තිබුණොත් රැකියා නැහැ

colombotoday