Colombo Today Local News

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ උපකාරක පන්ති ගුරාට වැඩ වරදී

පාසල් දරුවන්ට කලක සිට මත් කරල් මුදලට විකිණූ උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරු මත වැටලීම සිදු කර තිබේ.

සැකකරු සන්තකයේ තිබී මත් කරල් 1,299 පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගණිතය සහ විද්‍යාව විෂයයන්වලට අදාළව උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

දෙදරු පියෙකු වන සැකකරු කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී සිටින අයෙක් බව ත් මාවනැල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවත් පොලිසිය පවසයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලිසිය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය අතුල රත්නායකගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල මාරපන මහතා ඇතුළු නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.

Related posts

රජයේ ස්ථිර රැකියා මීටපසු නෑ -ආයතන ප්‍රධානියා අකමැතිනම් වසර අගදී රාජ්‍ය සේවයෙන් දොට්ට

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

Admin

නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙක් රිමාන්ඩ් !

colombotoday

විදුලි ඉන්ජිනේරුවෝ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි

colombotoday