Colombo Today Local News

පාකිස්ථාන් ජෙට් ගනුදෙනුව නවතී.. ඉන්දියානු යානා ගන්නැයි බලකරන්න ඉන්දීය ලොක්කෙක් ලංකාවට !

indian fighter jet

ප්‍රහාරක ජෙට් යානා සමුහයක් පකිස්තානයෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව දැරූ තැත වලක්වා ලූ ඉන්දියාව ඉහල පෙලේ රාජ දුතයෙක් ශ්‍රී ලංකාවට යවා තිබේ.

පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ඩොලර් කෝටි හතරක JF 17 තන්ඩර් වර්ගයේ බහු කාර්ය ප්‍රහාරක යානා ගනුදෙනුවක් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික බලපෑම හේතුවෙන් අත් හිටුවන ලද බව ලෝකයේ ප්‍රධානතම යුද තොරතුරු සඟරාව වන ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි සඟරාව වාර්තා කර තිබේ.

ගුවන් යානා ගනුදෙනුව ඇතුළු ද්වි පාර්ශවික ගිවිසුම් කීපයකට එළැඹීමේ අරමුණින් පකිස්තාන අගමැතිවරයා ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටියදී සිය බලපෑම උත්සන්න කරමින් ප්‍රකාශ කළ පරිදිම ඉන්දීය රජය විසින් එරට විදේශ ලේකම් සුබ්‍රමනියම් ජයිශන්කර් 12 අඟහරුවාදා දිවයිනට එවිය.

ඉන්දීය තේජස් යානා

අගමැති නවාස් ෂරීෆ් දිවයිනට පැමිණ සිටි අවස්ථාවේ පකිස්තානයෙන් ප්‍රහාරක ජෙට් ගුවන් යානා අටක් මිලට ගැනීමට ශ්‍රී ලංකා රජය ගිවිසුමකට එළැඹි බව ඔහු සමග සිටි ආරක්ෂක බලධාරීන් පකිස්තාන මාධ්‍යවේදීන්ට හෙලි කළ බව එරට ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

දකුණු ආසියානු ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබූ පරිදි පකිස්තාන යුද ගනුදෙනුව අත් හරින ලෙස දැඩි බලපෑම් කළ ඉන්දියාව ශ්‍රී ලංකාවට යෝජනා කොට ඇත්තේ ස්වකීය HAL තේජස් ප්‍රහාරක යානා මිලදී ගන්නා ලෙසයි.

දිල්ලි නිල මුලාශ්‍ර උපුටා දක්වන ජේන්ස් ඩිෆෙන්ස් වීක්ලි ප්‍රකාශ කොට තිබුනේ ඉන්දීය බලපෑම නිසා කෝටි හතරේ ජෙට් අලෙවිය වැලකී ගිය බවයි.

ශ්‍රී ලංකා රජය :

පකිස්තානය සමග යුද යානා ගනුදෙනුවක් සිදුවූ බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇත.

‘මේ ආකාරයේ මිලදී ගැනීමක් සිදුවන්නේ නම්, එය විනිවිද භාවයෙන් යුතුව අදාල සියලු පාර්ශව වලින් මිළ ගණන් කැඳවීමෙන් අනතුරුව’ කරන බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොලොන්නේ කොළඹදී මාධ්‍යවේදීන්ට පවසා තිබුණි.

JF 17 තන්ඩර් ප්‍රහාරක ජෙට් යානාව පකිස්තානයේ එයරොනෝටිකල් කම්ප්ලෙක්ස් සහ චීනයේ චෙන්ඩු ගුවන්යානා නිෂ්පාදක සමාගමේ හවුල් නිෂ්පාදනයකි.

කෙසේවෙතත්, යුද යානා ගනුදෙනුව ගැන පකිස්තානය මේතාක් කිසිදු නිල ප්‍රකාශයක් කර නැත.

(radiogagana.com)

Related posts

විජයග්‍රහණයේ සැමරුම රජය අවලංගු කරද්දී යාපනය සරසවියේ කොටි සමරයි

colombotoday

“හිටපු ජනපති මහින්ද ජාතික නායකයෙක්.. නව ව්‍යස්ථාවට ඔහුගේ සහය අත්‍යවශ්‍යයි” – සම්බන්ධන්

colombotoday

යහපාලනය කියා බලයට ආවට මේ ආණ්ඩුවේ ඇති යහපාලනයක් නෑ.. – මල්වතු මහනාහිමියෝ පවසති

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමේ යෝජනාවට අනුමැතිය

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin