Colombo Today Local News

විපක්ෂයෙන් මා අපේක්ෂා කළ දේ ලැබුනේ නැහැ. කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්

විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබුණත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතින බව කී ජනාධිපතිවරයා එමගින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකි බව ද සඳහන් කළේය.

ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන හානිය බරපතළ බව විරුද්ධ පක්ෂය අවබෝධ කරගත යුතු යැයි ද ජනාධිපතිවරයා කීව්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ දී අද (10) පෙරවරුවේ පැවති උත්සවය අමතමිනි.

තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී ඇති අතර එම කාලය තුළ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු වූ බවත්, එදා ආණ්ඩු කළ විරුද්ධ පක්ෂය මෙම තත්ත්වය අවබෝධ කරගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ජනතාව ඔවුන් වෙනුවට තමා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කරගනු ලැබූ බවත්, එහෙත් අද විපක්ෂය කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක් බවත් කී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වන වර්තමාන අවශ්‍යතාවයක් බව ද කීවේය.

Related posts

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

colombotoday

අකුරැස්සේ පාසලක් වැසෙයි

colombotoday

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday

පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරුවලින් 12ක් මරු දකී..

colombotoday