Colombo Today Local News

මේ ඇඳිරිනීතියෙන් කිසිම ඵලක් වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙලා විශාල පිරිසක් පාරේ

නිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින බවය.

“අවසන් සතිය තුළ සංචරණය සීමා පැනවීම සහ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමේ තිබුණේ. අනවශ්‍ය ලෙස වාහන සහ මහජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරනවා. ඒ නිසා තව කොතරම් දුරට දීර්ඝකළත් අපි පවත්වාගෙන යන්නේ මේ ආකාරයට නම්, මෙවැනි ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙනවා නම්, අපි නිරෝධායන ඇඳිරිනීතියට අවනත නොවන සේ කටයුතු කරනවා නම් සහ බලධාරීන් නිරෝධායන ඇඳිරිනීතිය නොතකමින් බලපත්‍ර ලබාදීම් වැනි කටයුතු කරමින් මෙවැනි දේ වෙන්න ඉඩ අරිනවානම්. ජනතාවට අවශ්‍ය ලෙස සංචරණය කරන්නට ඉඩ අරිනවානම්. මේ ඇඳිරිනීතියෙන් කිසිම ඵලක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බලපත්‍ර ලබාදීමක් සිද්ධ වෙනවා. ඒ බලපත්‍ර ලබාදීමට අමතරව නොයෙකුත් පාර්ශව නම්කරලා තිබෙනවා ගමන් කිරීම සඳහා මේ පාර්ශව අතර කිසිදු අත්‍යවශ්‍ය නොවන පාර්ශව විශේෂයෙන් එකම ආහාර අලෙවිකිරීම සඳහා විශාල සංඛ්‍යාවක් මාර්ගයේ ගමන්කරනවා. ප්‍රවාහනය කිරීම සඳහා විශාල සංඛ්‍යාවක් ගමන් කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙලා විශාල සංඛ්‍යාවක් අනවශ්‍ය ලෙස මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා නිසි ආකාරව පරික්ෂාකරලා දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා අපි පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරනවා.“

Related posts

බැදුම්කරය ගැන කතාකරන සර්වපාක්ෂික නායක හමුවට ජවිපෙ, ඒ්කාබද්ධය, TNA නොයයි

colombotoday

යෝෂිත මන්ත්‍රීවරුන්ට ඩො.මි. 3 ක් දෙන්න හදනවා – මංගල සමරවීර චෝදනා කරයි

colombotoday

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

colombotoday

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

colombotoday

අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ – ජගත් කුමාර

colombotoday