Colombo Today Local News

ශල්‍යාගාරවල තදබදය මගහරවා ගන්න පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර ආණ්ඩුවට කුලියට ගන්න යයි

රජයේ රෝහල්හි ශල්‍යාගාරවල දැනට පවතින තදබදය මගහරවා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර කඩිනමින් කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.

ඊට අදාළ ව්‍යාපෘති වාර්තාවක් සකස් කොට වහාම භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.

පෞද්ගලික රෝහල් කිහිපයක අධ්‍යක්ෂවරුන් ජනාධිපති ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

පෞද්ගලික රෝහල්හි ශල්‍යාගාරවල ශල්‍යකර්ම නොකෙරෙන අවස්ථාවන්හිදී රජයේ රෝහල්වලට යම් සාධාරණ කුලියකට ලබාදිය හැකි බව ​පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව පෞද්ගලික රෝහල්හි ශල්‍යාගාර ලබා ගන්නා ආකාරයත්, රජයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල ඊට යොමු කරනා ආකාරය ගැනත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙත දැනුම් දී ඇත.

Related posts

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

colombotoday

සුසිල් ප්‍රේමජයන්ත , නිමල් සිරිපාල , අනුර ප්‍රියදර්ශන ආණ්ඩුවෙන් ඉවත් වෙයි..? ජාතික ආණ්ඩුව අදින් ඉවරයි !

colombotoday

2022 වසරේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 855.8කින් ඉහළට

Admin

අපි විපක්ෂයට යන්නේ බලලෝභීකම නිසායි. යහපාලනය යනු අල්ලපු ගෙදර එකා රජ කරවන එක නොවෙයි. රවී කරුණානායක

colombotoday

හරින් සහ ගෝලයෝ වෛද්‍යවරුන් සමග ගැටෙයි.. වෛද්‍ය පාදෙනියට පාදඩයා කියා බැනවදී

colombotoday

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday