Colombo Today Local News

හෝමාගම නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සමග උපරණ රැසක් සොයා ගනී

අද (02)දින අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සමඟ තවත් උපරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර, අත්බෝම්බ 4ක්, පිස්තෝලයක්, ඩෙටනේටර් 2ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, රිපිටර් උණ්ඩ 10ක්, අත් විලංගු ජෝඩුවක්, එයාර් රයිෆල් අවියක් එම උණ්ඩ 600ක් සහ ඩී.වී.ඩී.ප්ලේයර් 3ක් සොයා ගෙන තිබේ.

2020.06.29 වන දින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ඊයේ (01)දින හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හා සැකකාරිය මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත.

එහිදී අනාවරණය වු කරුණු මත එම නිලධාරීන් විසින් ඊයේ රාත්‍රීයේ අතුරුගිරිය ප්‍රදේශයේ දී තවත් සැකකරුවෙකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු වයස අවුරුදු 38ක් වු හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අද අළුයම මෙම වැටලීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday

සුදු නිළ ඇදුමට ආයුබෝවන්… පාසල් සිසුන්ට පාට පාට නිළ ඇදුම් !

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

colombotoday

මුලතිව් විහාරස්ථාන රැකදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක්.

colombotoday

ගාලු මැයි රැළියේ සංවිධාන වැඩවලට සජින් වාස් එයි.. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය

colombotoday