Colombo Today Local News

හෙරොයින් කිලෝ 2ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

හෙරොයින් තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් පිළියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 10ක් සොයාගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර බස්නාහිර පළාත තුළ ඊයේ (12) දිනයේ පමණක් සිදු කළ වැටලීම්වලින් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 393 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

පැනම පත්‍රිකා බොරු.. විද්‍යා අමරපාල පිරිසිදුයි.. FCID ය කියයි !

colombotoday

දේශීය ව්‍යාපාරිකයෙක් වැඩි ලංසුවක් දී තිබියදී EAP සමාගම කොටියෙකුට විකුණලා

colombotoday

කොටි නිළ ඇඳුමට සමාන ඇඳුම් අන්දවා රථවාහන රාජකාරිවල පුද්ගලයන් යෙදවූ යාපනය නගරාධිපති අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය ණය රු. බිලියන 5720කින් නගී

colombotoday