Colombo Today Local News

හිටපු තැපැල් ඇමති හලීම් අමාත්‍යංශයේ BMW රථයේ යතුර නැති කරයි. වැරැද්ද රියදුරු පිට පටවයි

හිටපු තැපැල් ඇමති මොහොමඩ් හලීම්ට අමාත්‍යංශය විසින් ලබා දී තිබූ BMW රථයේ යතුර අස්ථාන ගතවී ඇති අතර එම රථය මාසයක පමණ කාලයක් ඔහුගේ නිවසේ නවතා දමා තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරවිමත් සමගම එම වාහනය අමාත්‍යංශය වෙත බාර දීමට සිදුව තිබීම හේතුවෙන් ඇමති හලීම් මේ වන විට අර්බුදයකට ලක්ව තිබෙන බව තැපැල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට එම වරද රියදුරු පිට පටවා ඇති හලීම් හිටපු ඇමතිවරයා නව යතුරක් ලබාගැනීම සඳහා වියදම් වන රුපියල් 150 000 ක මුදල ගෙවන ලෙස රියදුරුට තර්ජනය කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා. කෙසේ වෙතත් සෑම දිනකම සවස BMW රථයේ යතුර පුරුද්දක් ලෙස රියදුරුගෙන් ලබාගැනීමට ඇමතිවරයා කටයුතු කර ඇති බවත් එසේ ලබාගත් අවස්ථාවකදී ඇමතිවරයා අතින් අස්ථානගත වීම සිදුව ඇති බවත් අමාත්‍යංශයේ සේවකයෝ සඳහන් කර සිටිනවා.

Related posts

පත්තරේ පළ උනාද බලා හොරකමේ යන ‘කපුටා’ කළ හෙළිදරව්ව

colombotoday

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයෝ ඉල්ලති

Admin

2018 වසරේ මහවිරු දිනයේදී ඝාතනය කල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පිංකමක්

colombotoday