Colombo Today Local News

සැවොම ජනපතිට ආයුබෝවන් කියද්දී පාඨලී අත් පිටුපසට බැඳ ගනියි

රාජාසන කතාව සිදු කිරීමට පාර්ලිමේන්තු සභාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සියලුම මැති ඇමැතිවරු දැත් එක්‌ කොට ආයුබෝවන් කියා ආචාර දැක්‌වුව ද පාඨලී චම්පික රණවක මහතා පමණක්‌ සිය දැත් පිටුපසට තබා ගනිමින් නිහඬව සිටිනු දක්‌නට ලැබිණි.

ජනාධිපති රාජපක්‌ෂ මහතා සිය ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය (රාජාසන කතාව) සිදු කිරීමෙන් පසුව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව යන විට සියලුම මැති ඇමැතිවරුන් වෙත දැත් එක කොට ආචාර කළේය.
 
 ඊට ප්‍රතිචාර දක්‌වමින් බොහෝ මැති ඇමැතිවරු පෙරළා ප්‍රතිචාර දක්‌වද්දී විපක්‌ෂයේ ඉදිරි පෙළ අසුනක සිටි පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පමණක්‌ සිය දැත් පිටුපසට කර ගනිමින් නැඟී සිටින ආකාරය පමණක්‌ දක්‌නට විය.
 
 මේ වනවිට ඇප ලබා සිටින විපක්‌ෂයේ තවත් මන්ත්‍රීවරයකු වන දොස්‌තර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ද ඊයේ (03 දා) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

Related posts

මානව හිමිකම් යෝජනාවෙන් ජයලලිතාට රිදිලා

colombotoday

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

Admin

දකුණු ආසියාවේ වේගයෙන්ම බිඳවැටෙන කොටස් වෙළෙඳපොළ ලංකාවේ !

colombotoday

පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

colombotoday

සජිත්-මද්දුමබණ්ඩාර UNPයෙන් දොට්ට ? සජිත්ගේ සන්ධානයේ තනතුරුලාභීන්වත් එජාපයෙන් පන්නයි !

colombotoday

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday