Colombo Today Local News

සාපෙල ‘ ඒ ’ නවයේ විශිෂ්ඨයෝ 9413ක්

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේවන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.


මෙවර දිවයිනේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව ඇත්තේ, කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියක් වන නිලක්නා දිසිවරි වරුෂවිතානයි.


ඊට අමතරව මෙවර විභාග ප්‍රතිඵලවලට අනුව දෙවැනි ස්ථාන තුනක් ශිෂ්‍යාවන් තිදෙනෙකු විසින් හිමිකරගෙන තිබෙනවා.


ඒ, කොළඹ විශාකා විද්‍යාලයේ සවිති හංසදි, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මින්දි රෙබේකා යන ශිෂ්‍යාවන් විසින්.

දිවයිනේ දෙවැනි ස්ථාන තුනක් දිනාගැනීම හේතුවෙන් මෙවර තෙවැනි සහ සිව්වැනි ස්ථාන වෙන්නොවන අතර පස්වැනි ස්ථානය සඳහා හිමිකම් කියනු ලබන්නේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණි කඩුආරච්චි ශිෂ්‍යාවයි.


මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ හය වැනි ස්ථානයන් 05ක් හිමිව තිබෙනවා.


ඒ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක, කොළඹ රාජකීය විද්‍යාලයේ  සහන් යසංක සමරකෝන්, එම විද්‍යාලයේම කවිරු මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ සස්මිත් ආකාශ්වර, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ හිමාෂි එරංදිකා සමරසිංහ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින්.


මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් හයලක්ෂ 56,984 දෙනෙකු අයදුම් කර තිබු අතර එයින් විභාගයට පෙනී සිටියේ අපේක්ෂකයින් පන් ලක්ෂ 18, 184 දෙනෙකු පමණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව උසස් පෙළ සඳහා පෙනී සිටීමට සියයට 71.66 ක් සුදුසුකම් ලබා සිටිනවා.


සමස්තයක් ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සියයට 64.11 ක ප්‍රතිශතයක් ගණිතය සමත්ව ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

සිසුන් 9413 දෙනෙකු මෙවර විෂයන් 09 ටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබීමද විශේෂත්වයක්.


අඅඅගාදැබැඑිගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙවර අධ්‍යන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකි වනවා.


මෙවර විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අප්‍රේල් 12 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


Related posts

20 වන සංශෝධනයට ජනමත විචාරණයක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ?

colombotoday

අවලාද මැදින් ආණ්ඩුව ඉස්සරහට ආවේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නයි – අගමැති රනිල් වික‍්‍රමසිංහ

colombotoday

විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

මේ විශ්වාස භංග යෝජනාව දින්නත් පරාදයි. පැරදුනත් පරාදයි. – උදය ගම්මන්පිල

colombotoday

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

colombotoday

කාත්තන්කුඩියේ වහබ්වාදය, සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු අන්තවාදි සංවිධාන ක්‍රියාත්මක වන බව පාස්කු කොමිසමේ දී හෙළි වේ

colombotoday