සහරාන් සහ ඔහුගේ සොහොයුරු එක්ක හිටිය ෆොටෝ එලියට දැම්ම කියලා අහිංසක ගම්බද සිංහල ජනතාව මාව අවිශ්වාස කරයි කියලා සිහිනෙන්වත් නොසිතන බව අමාත්‍ය රවුෆ් හකීම් හකීම් පවසනවා.
ඊයේ(30) මැදවච්චියේ පැවති ජනහමුවකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.
අමාත්‍ය රවුෆ් හකීම් සහ මුස්ලිම් කොංග්‍රසයේ නායකයන් ත්රස්තවාදීන් සමග ගනුදෙනු කල ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන පසුගිය කාලයේදී සමාජගත විය.