Colombo Today Local News

සජිත්, චම්පික, නවීන් ජවිපෙ 20ට විරුද්ධයි…

ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එනු ලැබූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, පාඨලී චම්පික රණවක ආදී ප්‍රබලයන් රැසක් විරුද්ධ බව දැනගන්නට තිබේ.

මෙම නායකයන්ට සමීප ආරංචිමාර්ග වලින් කියවෙන්නේ සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායක රටේ ඒකීය භාවය සලකා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වෙනවාට නොකැමැත්ත පළකරන බවය.

පාඨලී චම්පික රණවක සිය පක්ෂයේ ප්‍රතිපත්තිය මත පිහිටා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට විරුද්ධ බව පැවසේ.

මීට අමතරව තවත් බොහෝ දෙනෙකු ජනමත විචාරණයකට යෑමට සිදුවීම නිසා සහ ජනමත විචාරණයකින් ජයග්‍රහණය කිරීම අසීරු බව සලකා මෙම සංශෝධනයට විරුද්ධ බව ප්‍රකාශ වේ. මෙම තත්ත්වය තුළ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම දුෂ්කර බව ආණ්ඩුවේ ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබේ.

(අනිද්දා)

Related posts

“නවගුණවැල කරේ දාගෙන හරියන්නෙ නෑ… මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ” – අරගලයට මුහුණ දෙන හැටි සනත් නිශාන්ත කියයි

colombotoday

එන ඡන්දෙන් සිලින්ඩරය දිනනවා

Admin

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

මඩකලපුවේ කතෝලික දේවස්ථානයකටත් බෝම්බ ප්‍රහාර

colombotoday

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

colombotoday