එක්සත් ජාතික පක්ෂයේ සියයට අනූපහක් සමගි ජන බලවේගය සමග එකතු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එහෙත් වජිර අබේවර්ධන මහතා පවසන්නේ වෙනත් දේශපාලන පක්ෂයකට එකතු වීමට එක්සත් ජාතික පාක්ෂිකයන් අහිකුණ්ඨිකයින් නොවන බවයි. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින මෙම මතගැටුම සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව රැසක් අදහස් පළකලා.