Colombo Today Local News

“ශාසනමාමක ජන ප්‍රසාදිනී“ – අස්ගිරියෙන් ඇමති කිරිඇල්ලට ගෞරව නාමයක්

අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා “ශාසනමාමක ජනප්‍රසාදනී“ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ මහනුවර අස්ගිරි මහා විහාර උපෝසථාගාරයේදී ඊයේ (20) පැවැති උත්සවයකදීය.

මේ සම්මානය ජාතික, ආගමික හා සාමාජීය සියළු ක්ෂේත්‍රයන්හී ප්‍රකට කල කාර්යශුරත්වය, කෘතහස්ත දේශපාලන දැක්ම, මහජන හිතසුව සලසමින් ශාසනික ආගමික සේවාවේ නිරත වීම, බෞද්ධ ජන නායකයෙකු ලෙස සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව ක්‍රියා කිරීම උදෙසා පිරිනමන්නකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සිය සුභාසිංශනය පිරි නැමීමට මේ උත්සවයට සහභාගිවීම ද විශේෂිතය.

අමාත්‍යවරයාට ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබුවේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් විසිනි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

Related posts

වසරේම රාජ්‍ය වියදමට වඩා මුල් මාස හතරේ ණය අරන්

Admin

IOC ඉන්ධන මිලත් පහළට

colombotoday

කොටි සාමාජිකයන්ට නිදහස දුන් මේ ආණ්ඩුව රට බේරාගත් බුද්ධිඅංශ නිලධාරීන්ට නිදහසේ අවුරුදු කන්නවත් ඉඩ දෙන්නෑ

colombotoday

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

Admin

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

Admin

අගමැති රනිල්ට විරෝධය පෑ කොටි හිතවාදීන් හතරක් ත්‍රස්ත නීති යටතේ බ්‍රිතාන්‍ය අත් අඩංගුවේ

colombotoday