Colombo Today Local News

ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්ත දූෂිතයි – UN හිටපු ප්‍රධානියෙක් හෙළිකරයි…

ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්ත දූෂිත තත්ත්වයට පත්වීම හේතුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතාව ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් අංශයේ හිටපු ප්‍රධානී ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මහින්ද කටුගහ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති සීමාවන් හා උපදෙස් මග හරිමින් හිතාමතාම ඒවා උල්ලංඝනය කරමින් රජය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත් හා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් දූෂණයෙන් හා වංචාවෙන් ඉතා ඉහළ අගයක් ගෙන ඇති බවද අධිනීතිඥ කටුගහ පෙන්වා දෙන්නේය.

රාජ්‍ය මුදල් ඉතාම ඉහළ මට්ටමේ අවභාවිතා වන මෙම අංශයේ කටයුතු පිළිබඳ පූර්ණ විමර්ශනයක් කර ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පිළිගත් ක්‍රමවේදයන් උල්ලංඝනය කර ඇති නිලධාරීන් හා දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි. රජය ක්‍රියාත්මක කර ඇති බොහෝ කොන්ත්‍රාත් හා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම්වලදී නියමිත පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවද ඔහු අවධාරණය කරයි.

ලක්බිම

Related posts

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday

වී මිලදී ගන්න ප්‍රමාණවත් මුදල් ලැබී නැහැ.

colombotoday

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

colombotoday

මහපොළ 1000 කින් වැඩිකරයි

colombotoday

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin