Colombo Today Sports News

ශ්‍රී ලංකාව අසීරු අඩියක…

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද දින එංගලන්ත පළමු ඉනිම ලකුණු 336 කට සීමා වුණා.
ඉන් පසුව ආරම්භ වුණු ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක දැවී ගියා.

ඉන් පසුව පිටියට එක් වූ ධනංජය ද සිල්වා සමගින් එක්වු දිමුත් කරුණාරත්න අගනා ලකුණු 142 ක සම්බන්ධතාවයක් ගොඩ නගන් ලැබීය.
එහිදී දිමුත් කරුණාරත්න අගනා ලකුණු 83 ක් හා ධනංජය ද සිල්වා අලංකාර පහරවල් වලින් පිටිය ආලෝකමත් කරමින් ලකුණු 73 ක් ලබා ගත්තේය.

ඉන් පසුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැත.

එහිදී එංගලන්ත ක්‍රීඩක කීට ජෙනින්ග්ස් විසින් විශිෂ්ට උඩපන්දු හතරක් ලබා ගැනීමට සමත් වූ අතර ආදිල් රශීඩ් විසින් කඩුළු 5ක් දවා ගනිමින් තම ටෙස්ට් දිවියේ ඉනිමක හොදම පන්දු යැවීම සටහන් කළේය.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 240 ක් පමණී.

මුල් ඉනිමේ ලකුණු 96 ක වාසියත් සමගින් දෙවන ඉනිම ආරම්භ කරන එංගලන්තය මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 3ක් ලබා සිටිනවා.

ඉෂාන් ප්‍රබෝධ

Related posts

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin

පුහුණු උපදේශක මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

Admin

ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා පේලේ ජීවිතක්ෂයට

Admin

ජූනි මාසයේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා වනිඳු හසරංග

Admin

අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරයට

colombotoday

ලසිත් මාලිංග ලීග් ක්‍රිකට් තරගවලින් සමුගනී.

colombotoday