Colombo Today Local News

ශවේන්ද්‍රගේ පත්වීමෙන් TNA මන්ත්‍රීලා කුලප්පු වෙයි… ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි…

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 2 වැනි පුටුවට පත් වීමත් සමගම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී රසායනික අවි සහ බෝම්බ භාවිත කළ බව කියමින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඇත.


ශවේන්ද්‍ර සිල්වා මෙහෙයවූ 58 වැනි සේනාංකය මෙම අවි පාවිච්චි කළ බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

‘වන්නියේ ඉන්දීය වෛi කඳවුරක් තිබුණා. මේ වෛi කඳවුරට එවන් අවිවලින් තුවාල ලත් කිසිම අයෙක් පැමිණ නැහැ’ යැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.

රසායනික අවි සහ බෝම්බ භාවිත කළ බවට සාවi ප්‍රචාරයක් දියත් කළේ කොටි ඩයස්පෝරාව බව හෙළි වී ඇත. මේ අතර මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් කොටි 500 ක අතුරුදන්වීම ගැන කටඋත්තරයක් ගන්නැයි හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ජාත්‍යන්තර අධිකරණයෙන් ඉල්ලා ඇත.

Related posts

විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයි

colombotoday

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ජනපති හමු වෙයි

Admin

ජෙරම් ප්‍රනාන්දු දිවයිනට එයි

Admin

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

මහින්ද ආරක්ෂක මණ්ඩලයේ නිදි කිර කිර හිටිය විතරයි.. යුද්ධය කර දිනුවේ අපියි -ෆොන්සේකා

colombotoday