Colombo Today Local News

වෙළෙඳ අමාත්‍යංශයෙ ප්‍රාඩෝ එක අතිරේක ලේකම්වරයකු උස්සලා. | පොලීසියට පැමිණිලි

වෙළෙඳ අමාත්‍යංශයෙන් මාරුකර යවන ලද අතිරේක ලේකම්වරයකු ඔහු කලින් භාවිත කළ ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයද මාරුවී යන විට රැගෙන ගොස් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම අතිරේක ලේකම්වරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මාරුකර යවා ඇති අතර ඔහු අතිරේක ලේකම්වරයා ලෙස භාවිත කළ වාහනයද ඒ සමගම රැගෙන ගොස් ඇති බව ලේකම්වරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

වෙළෙඳ අමාත්‍යාංශය සතු ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය ඉකුත් 16 වැනිදා සිට අස්ථාන ගතවී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමේදී එය හිටපු අතිරේක ලේකම්වරයා රැගෙන ගොස් ඇති බව දැන ගන්නට ලැබී ඇතැයිද ලේකම්වරයා පොලිසියට දන්වා ඇත.

අත්‍යවශ්‍ය සේවා සපයන වෙළෙඳ අමාත්‍යාංශයට එම වාහනය වහාම ලබා දෙන්නැයි වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30 ක් අද උද්ඝෝෂණයේ

colombotoday

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

මහ සමුළුවට නොඑන සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

colombotoday

භුමදානයෙන් කොවිඩ් පැතිරුනොත් විශේෂඥ කමිටුව දඬුවම් විඳිය යුතුයි.

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි සහ තැරැව්කරු පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කරන්න යයි ?

colombotoday