Colombo Today Local News

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් අද (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව වාර්තා වේ.

ඒ සම්බධයෙන් සාකච්ඡා කිරිමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරිම නිසා කැබිනට් සංදේශය සාකච්ඡා කිරිම මීළඟ කාබිනට් රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනි දාට කල් තැබූ  බව රජයේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (9) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ තමන්ට මෙම පත්‍රිකාව ලැබුණේ ඊයේ (8) පස්වරුවේ බැවින්, එය ප්‍රදානය කිරිමට කාලය අවශ්‍ය බවයි.

ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ලබන 23 වැනි දාට කල් දමා ඇති බව වාර්තා වේ.

Related posts

ජනපතිතුමාට කියා මාස 3 කින් පරවිපාංජාන් හමුදා කදවුර ඉවත් කර දෙනවා – විජයකලාගෙන් සහතිකයක් !

colombotoday

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අනිද්දා

Admin

ඇලෝසියස්ට-පලිසේනට ඇප නොලැබෙයි.. මාර්තු 15 දක්වා රිමාන්ඩ්

colombotoday

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday

කබීර් – රිෂාඩ් හවුලේ.. සතොසට අයත් කොළඹ ඉඩමක් ඉන්දීය සමාගමකට විකුණයි !!

colombotoday

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

colombotoday