Colombo Today Local News

වසර 5ක් තුල මන්ත්‍රීවරයෙක් ලෙස රු. තිස්කෝටි හැට දෙලක්‍ෂයක් උපයාගෙන. සජින් ද වාස්ට අධිචෝදනා භාරදෙයි

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් ද වාස් ගුණවර්ධනට ඊයේ (05) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේදී අධිචෝදනා පත‍්‍රය භාර දෙනු ලැබිණි.

අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි නියෝග අනුව විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහුට රුපියල් ලක්‍ෂ පහක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

විත්තිකරුට විදේශ ගතවීම වළක්වන නියෝගයක්ද නිකුත් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට පත්කරනා ලෙසටද නියෝග කළේය.

2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරමින් වසර පහකට ආසන්න කාලයක් තුළදී රුපියල් තිස්කෝටි හැට දෙලක්‍ෂයකට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා නගමින් එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා පසුගිය අගෝස්තු 8 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

එම නඩුවේ සාක්‍ෂි විභාගය පැවැත්වීම සඳහා දින නියම කිරීමට ලබන ඔක්තෝබර් 1 වැනිදා නඩුව යළි කැඳවීමටද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

රජයේ අධිනීතිඥ නලින්ද හේවාවසම් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ ජීවන්ත ජයතිලක මහතා විත්තිය නියෝජනය කළේය

Related posts

එජාප ප්‍රබලයෝ මලික්ගේ නිවසේ හමුවෙයි.. නායකත්ව වෙනසක් ඉල්ලූ අයට රනිල්ගෙන් පොරොන්දුවක් !

colombotoday

19 රකින්න ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව එක්වන බව සමගි ජන බලවේගය කියයි

colombotoday

දෙමල මුස්ලිම් ජනයා ගෙඩි පිටින් ඡන්දය දෙන්නේ හංසයාට – මනෝ ගනේෂන් කියයි

colombotoday

සපුගස්කන්ද මත්ද්‍රව්‍ය ජාවාරමට ගෑවුණු CCD නිලධාරියා අතුරුදන්

colombotoday

අරක්කු වෙනුවෙන් මැඩිල්ලේ හිමිගේ පන්සල රේඩ් කරලා. එහෙම දේවල් අපිනම් කලේ නෑ. | පා.ම රාජිත සේනාරත්න

colombotoday

වෙසක්, නත්තල් සහ ජාතික නිදහස් දිනයන් දේශීය කර්මාන්ත ගොඩනැංවීමට යොදා ගැනීමේ සැලසුම්

colombotoday