Colombo Today Local News

ලෝක පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා 04 ක්

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වු පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හදුන්වාදීම වර්තමානයේ සියළුදෙනාගේ ප්‍රධාන වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව් වැනි සැසිවාරයට එක්වෙමින්.

“පරිසර අභියෝග සහ තිරසර පරිභෝජන හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්” යන්න මෙවර සමුළුවේ තේමාවයි.

බෞද්ධයෙකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරීමට පමණක් නොව සමස්තයක් වශයෙන් ලොව සෑම ජිවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටින බවයි සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ගෝලීය පරිසර ගැටළු සඳහා දරිද්‍රතාවය සුවිශේෂි හේතුවක් වන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ.

පාරිසරික හානිය සහ දරිද්‍රතාවය අතර එකිනෙකට සමීප සම්බන්ධතාවක් පවතින බවත්, එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙන්කළ නොහැකි සබඳතාවක් බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් යෝජනා 04 ක් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව්වැනි සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීමද මෙහිදි සිදුකෙරුණා.

කඩොලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය හා අපතේයාම කළමනාකරණය, සමුද්‍රික කසල සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික්  කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන කේෂ්ත්‍ර යටතේ මෙම යෝජනා ඉදිරිපත් කිරීමටයි පියවර ගනු ලැබුවේ.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුවට එක්ව සිටි අතර ඊට රටවල් 58 ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයින් 5000 කට අධික පිරිසක් සහභාගිවි සිටියා.

Related posts

ඇවන්ගාඩ් පවරාගැනීමෙන් රජය ඇන ගනී.. ගිවිසුම කැඩුවොත් ඩොලර් කෝටි 40ක් ගෙවන්න වෙයි

colombotoday

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin

අලුත් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 10යි… හෙට දිවුරයි, ජනවාරි 01 විසුරැවා හැරේ….

colombotoday

ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්

Admin

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

colombotoday

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

colombotoday