Colombo Today Local News

රූකාන්තට එජාපයෙන් ආසන සංවිධායක ධූරයක්

එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරුන් දස දෙනකුට පත්වීම් ලිපි භාරදීම අද (11වැනිදා) දහවල් සිදු කිරීමට නියමිත අතර එහිදී ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ඇතුළු තවත් නවදෙනකුට අලුතින් ආසන සංවිධායක තනතුර ලබාදීමට කටයුතු යොදා තිබේ.

මෙම පත්වීම් ලිපි ලබාදීම එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරේ.

මෙහිදී මීගමුව ආසනයේ ප්‍රධාන එජාප සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත්කර ඇත.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය යටතේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම නව ආසන සංවිධායකයන් දස දෙනා පත්කිරීමට නියමිතය.

Related posts

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

Admin

“ආගමට අපහාස නතර නොකළොත්, මුස්ලිම් තරුණයන් අවි අතට ගනී“ – රාජ්‍ය ඇමති හිස්බුල්ලා

colombotoday

ට්‍රම්ප්ට බොදු බල සේනාවත් සුබ පතයි.. ඉස්ලාම් ත්‍රස්තයන් නැති කරන වැඩේ ඉක්මන් කරන්න ඉල්ලයි

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයෙන් මැරෙන තුරු පළිගන්නවා“ TOP 10 අංක 3 කණ්ඩායම සටන අරඹයි

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තල මළුවේදී

colombotoday