Colombo Today Local News

රුපියල නැවතත් වැටේ… ඩොලරය ඓතිහාසික වාර්තාව අදත් අලුත් කරයි…

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ පළමු වරට අද (26) රුපියල් 183 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) නිකුත් කරන දෛනික විකුණුම් අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 183.17ක් වූ අතර ගැනුම් මිල 179.20ක් විය.

ඉකුත් පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර නොවැම්බර් මස 28 වැනිදා පළමු වරට 182 සීමාව ඉක්මවා ගියේය.

නොවැම්බර් මාසයේදීත් දෙසැම්බර් මාසයේ මේ දක්වා කාලයේදීත් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 180ත් 182ත් අගයක පැවැතුණි.

ශ්‍රී ලංකා මහ බැංකු නිකුත් කළ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල 15.5%කින් අවප්‍රමාණය වී ඇත. කෙසේ නමුත් මේ වසරේ මේ දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 18.2%කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදයෙන් පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.7%කින් අවප්‍රමාණය වී ඇත.

එම පත් කිරීමත් ඉන් පසු නැවත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් දේශපාලන අර්බුදය නිමා වුවද දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් විදේශිකයන් සහ ආයෝජකයන් බැවින් බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළවල්වලින් විදෙස් අරමුදල් ඉවත් කරගනිමින් සිටින බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලායෑම සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විනිමය වෙළෙඳපොළ තුළ පැවැති ඉල්ලුම යනාදි කරුණු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට වැඩි වශයෙන් බලපෑවේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබිණි.

Related posts

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

colombotoday

ලෝක වාර්තාවක් තබන බවට ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

colombotoday

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්

Admin

විදුලි සේවකයන් අඛණ්ඩව වර්ජනයේ.. විදුලිය දෙන්න හමුදාව කැදවයි !

colombotoday

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday